ඇමෙරිකා බිහිසුණු ප්‍රහාරයට අදට වසර 20යි


(නිමන්ති රණසිංහ)

ඇමරිකා ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී අදට (11) වසර විස්සකි.

ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළේ ඉකුත් 2011 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වැනිදා එරට වේලාවෙන් උදෑසන 8. 46 ටය.

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය පැහැර ගත් පළමු ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණටත්, අනෙක් ගුවන් යානය දකුණු කුළුණටත් සහ ඇමරිකාවේ ආරක්ෂිත ගොඩනැගිල්ල වන පෙන්ටගනයට තවත් ගුවන් යානයක් ගැටීමට සැලැස්වීමෙන් මෙම ප්‍රහාරය සිදු විය.

මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 3000 කට ආසන්න පිරිසක් මරණයට පත් ව, 25,000 කට අධික ජනතාවක් තුවාල ලැබූ බවට ද වාර්තා විය.

එමෙන්ම මෙම අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇමරිකාවට ඩොලර් බිලියන 10 ක දේපළ හානියක් සිදු වූ බව ද සඳහන් විය.

පසුව ඇමරිකාව අල්කයිඩා සංවිධානයට එරෙහිව මෙහෙයුම් අරඹමින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළද, මෙම ප්‍රහාරයෙන් වසර දහයකට පමණ පසු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇමෙරිකානු සීල් හමුදාව විසින් ඝාතනය කරනු ලැබීය.

මේ අතර, වසර විස්සක යුද්දයකින් පසු ඇමරිකානු හමුදාව ඉකුත් තිස් වැනිදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමද විශේෂයකි.