ඇමෙරිකා බද්දෙන් ලංකාවට අවාසියක්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ඉන්දියාවට පනවන තීරු බද්ද සියයට 20 ට වඩා අඩු වනු ඇති බවත් ඒ හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව, ලාඕසය වැනි රටවල් සමග තරඟකිරීමේදී ඉන්දියාවට වාසිදායක තත්වයක් ලැබෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.

ඉන්දියාවට අනෙක් බොහෝ රටවලට මෙන් පනවන තීරු බද්ද සම්බන්ධයෙන් ලිපියක් නොලැබෙනු ඇති බවත් ඇමෙරිකාව නිල නිවේදනයක් මගින් ඉන්දියාවට පනවනු ලබන තීරු බද්ද ප්‍රකාශයට පත්කරන බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

ඇමෙරිකාව සහ ඉන්දියාව එළැඹෙන අනතර් කාලීන වෙළෙඳ ගිවිසුමක් මගින් තීරු බද්ද පැනවෙනු ඇති බවත් එය සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සහාය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.

දෙරට අතර එකඟ නොවූ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට එමගින් අවස්ථාව ලැබෙනු ඇති බවත් අනතුරුව මෙම වසර අවසානයේදී ඉන්දියව සහ ඇමෙරිකාව පුළුල් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

ඒ සඳහා දෙරට අතර ඇතිකරගෙන තිබෙන එකඟතාවට අනුව ඉන්දියාවට සියයට 20 ට අඩු තීරුබදු ප්‍රතිශතයක් ඇමෙරිකාව පනවනු ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.

IFrame