
ලබන වසරේදී අමෙරිකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජාතික වෙසක් දින සැමරීම සදහා ශ්‍රී ලංකා රජයේ උපරිම සහාය ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අමෙරිකාවෙන් වැඩමකළ ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ ප්‍රධාන ධර්මදූතත කණ්ඩායම අතර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවතී සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ටෙක්සාස් ප්‍රාන්ත රජය වෙසක් දිනය නිල වශයෙන් පිළිගත් බවත්, එරට රජය නිල ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී අමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී.
2026 වසරේ පවත්වනු ලබන වෙසක් උත්සවය සඳහා පැමිණෙන ලෙසද ධර්මදූත කණ්ඩායම අමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.
මෙම නිල වෙසක් උත්සවය සඳහා අස්ගිරි පාර්ශවය සහ මල්වතු පාර්ශවය මහා නා හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් ඇමරිකාව ටෙක්සාස් වෙත වැඩම කිරීමටද නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ .

