ඇමෙරිකන් නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම, ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර හවුල්කාරීත්වය පුළුල් කර ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් ආරක්ෂා කිරීම සඳහා දෙරටේ ඒකාබද්ධ කැපවීම තවත් වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව තානාපතිනී ජුලී චන්ග් මහත්මිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් මහතා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත්‍රයකු බවත් ඔහුට ශ්‍රී ලංකාව සමඟ විශේෂ සම්බන්ධයක් තිබෙන බවත් චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.1972 සිට 1976 දක්වා කාලය තුළ ක්‍රිස් වෑන් හොලන් මහතාගේ පියා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවේ සිට ඇති බවත් චන්ග් මහත්මිය පැවසුවාය.