ඇමැතිවරුන්ගේ කොළඹ ගෙවල්වලට පහරදීමේ පරීක්ෂණ මාරු කරයි


(ඉන්දිකා රාමනායක)

අරලියහග මන්දිරය හා ගාලුවුවදොර දී ඉකුත් (9)  දින ඇති වු සිද්ධියෙන් අනතුරුව කොළඹ දී මැතිඇමැතිවරුන් ගේ  නිවෙස් 13ට පහර දී හානි කිරීමේ  සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ බස්නාහිර පළාත් දකුණ අපරධ කොට්ඨාසයට පවර ඇති බව  පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම පරීක්ෂණ බාර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

නුගේගොඩ පොලිස් කෙට්ඨාසයේ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස දී හානි  වු මැති ඇමති නිවාස    සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත කැටගොඩ, ගීතා කුමාරසිංහ, සීතා අරඹේපොළ, ජගත් කුමාර, යන මහත්වරුන්ගේ  නිවාස වටල හානි කර ඇති  බවත්,   ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නිවාස 2-3  තිබී ඇති අතර, ඒවාද විනාශ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ  සම්බන්ධයෙන්   විශේෂ පොලිස් කන්ඩායම් කිහිපයක් පත් කර ඇති බවත්,   එම කණඩායම්    වෙන් වෙන් වශයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.