
( හැටන් රංජිත් රාජපක්ෂ )
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සිය ගිනි අවි තලවකැලේ පොලිසියට භාර දි පැය කිහිපයකට පසු යළි ඇවිත් එම ගිනි අවි යළි බාරගැනීම සිදු කළ බව පොලීසිය කියයි.
පසුගිය දින කිහිපය තුළ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑලිය ප්‍රදේශයේදි කලහකාරි ලෙස හැසිරිම සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන නුවරඑලිය පොලිසිය ඉදිරිපිටට ගොස් අමාත්‍යවරයා නොසන්සුන්කාරි ලෙස හැසිරිම හේතුවෙන් ඇමති ආරක්ෂක අංශයෙන් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂක අංශ නිලධාරින්ට ලද නියෝගයක් මත මෙම නිලධාරින් තලවකැලේ පොලිසියට ගොස් ඇමති ආරක්ෂක අංශ නිලධාරින් තිදෙනෙකුගේ ගිනි අවි භාර දි ඇත.
ඇමති ආරක්ෂක අංශයේ ගිනි අවි භාර ගන්නා ලෙස තලවකැලේ පොලිසිය්‍ද පොලිස් දුරකථන පණිවිඩයක් ලැබි තිබේ. එමෙන්ම යලිත් පැය කිහිපයකට පසු පොලිසිය වෙත භාරගත් ගිනි අවි යළි එම නිලධාරින්ටම භාරදෙන ලෙස තලවකැලේ පොලිසියට ලද පොලිස් දුරකථන පණිවිඩයක් මත එම ගිනි අවි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින්ට භාර දි ඇත.
ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් ඊයේ (01) දින රාත්‍රි 11 ට පමණ තලවකැලේ පොලිසිය වෙත පැමිණ ගිනි අවි යලිත් භාරගෙන ඇත.

