ඇමැති 42ක් තෙල් සල්ලි එපා කියලා


(සුජිත් හේවාජුලිගේ)

අග්‍රාමාත්‍යවරිය  අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්  හතළිස් දෙදෙනකු( පසුගිය 14 දිනට) පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව  නොගන්නා බවට  එහි ප්‍රධානීන්ට  ලිඛිතව දැනුම් දී ඇත.

ඒ ඒ අමාත්‍යාංශ වලින්ඉන්ධන  දීමනාව  ගන්නා හෙයින් පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනා අනවශ්‍ය බව  ඔවුන් මෙසේ දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.