ඇමතිකමෙන් ඉවත්වන්නැයි ජනපතිගෙන් නිමල්ට උපදෙස්


(ඩයනා උදයංගනී)

වරාය හා ගුවන් සේවා අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස් දී ඇත

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති අතර, පරීක්ෂණ කටයුතු නිමවන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.