(ඩයනා උදයංගනී)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය කළ ප්‍රකාශයක් විකෘති කර ඇතැම් මාධ්‍යවල පළ කිරීම නිසා ඇයට සිදූවූ හානිය හා සිත්වේදනාව සම්බන්ධයෙන් තමන් ඊයේ (8) දින ඇය අමතා සමාව ඉල්ලූ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
සියලුම මාධ්‍යවේදීන් වෙනුවෙන් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා මෙසේ ඇයගෙන් සමාව ඉල්ලූ බවත් සිදුව ඇති මෙම අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙස පරිවර්තනය කරගන්නා ලෙසත් තමා සියලු මාධ්‍යවෙදීන්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.
එහි මෙසේ ද දැක්වේ.
“මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්.
ජාත්‍යන්තර පාසලක් මගින් සංවිධානය කල වෙබ් සම්මන්ත්‍රනයකදී ඇය විසින් කරන ලද, ඉහත ආන්දෝලනයට තුඩු දුන් මූළු කතාවම මා පෞද්ගලිකව ශ්‍රවණය කළා. එම නිසා ඇය විසින් කළ ප්‍රකාශය විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියලු දෙනාම සංවේදී විය යූතුයි.
එම නිසා මා සියලුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් බවට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියලු සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා."

