
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත සැළසුම්, පෞද්ගලික අංශය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුල්‍ය සහය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සංවර්ධනය පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලෝක මට්ටමේ ආයතන රැසක නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි.
එම සාකච්ඡාවට ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ මෙරට කළමණාකරු සහ නිලධාරීන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

