(ඉන්දිකා රාමනායක)
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් හොරොව්පතාන නේ සිට අධි ශීතකරණ මාළු ලොරියකින් ගව මස් කිලෝ 6000ක ප්‍රමාණයක් දෙහිවල ට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ගවමස් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම අධි ශීතකරණ සහිත ලොරියෙන් ගවමස් ප්‍රවාහනය කරන බවට විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකක (3 ) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර මහතා ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මොරටුව විශේෂ කාර්ය කාර්ය බලකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද (7) දහවල් මේවත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .
විශේෂ කාර්ය බලකා භට පිරිස් විසින් මෙම ලොරිය පසුපස හඹාවිත් එය දෙහිවල පොදු වෙළෙද පොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි , අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි ගවමස් සහ, මී ගවමස් කිලෝ 6,000 ට අධික ප්‍රමාණයක් තිබූ බවද විශේෂ කාර්ය බළකාය කියයි
මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මොවුන් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මෙම ගවමස් ප්‍රවාහනය සිදු කර ඇති බවත් මේ සඳහා මොවුන්ට කිසිදු බලපත්‍රයක් නොමැති බව ද විශේෂ කාර්ය බලකාය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගවමස් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා දෙහිවල පොලිසියට බාර දී ඇත.

