ඇඳිරිනීතියේදී වැලි ජාවාරම් කළ තිදෙනකු අත්අඩංගුවට


( පුත්තලම එච්. චන්දන )
 
ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ආරච්චිකට්ටුව - රතඹලාඔයේ වැලි කැනීම් වල නිරත වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු  සහ ඔවුන් සදහා ඔත්තු  සැපයූ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇතැයි  ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
 
වැලි ප්‍රවාහනය කිරීම සදහා පැමිණ තිබූ ට්‍රෑක්ටර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.
 
ආරච්චිකට්ටුව - බෝගමුව ප්‍රදේශයේදී රතඹලාඔයෙන් නීති විරෝධී ලෙස කැලි කැපීම සිදු කරන ලද බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.
 
වැටලීම සිදු කරන විට රතඹලාඔයේ වැලි කැනීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔත්තු බලමින් සිටි එක් අයෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔත්තු බලමින් සිට ඇත්තේ ආසන්නයේ පිහිටි විහාරස්ථානයේ ඇබිත්තියෙකු බව හෙලිවී ඇත.