(ඩයනා උදයංගනී)
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව අද (30) වනවිට පවුල් 7,27,339ක් සඳහා ලබා දී ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
රට වසා දැමීම හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ සහ රජයෙන් ලබාදෙන කිසිඳු දීමනාවක් හිමි නොවන පවුල් සඳහා මෙම දීමනාව හිමිවේ.
එවැනි පවුල් ලක්ෂ 18 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව කී ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඔවුන්ට මෙම දීමනාව ලබාදෙන බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 2000 ක දීමනාව ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත වෙමිනි.
මෙම දීමනාව අදාල පවුල් වෙත ඉතා කඩිනමින් ලබාදී අවසන් කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරයා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.

