අනීෂා මානගේ
ඇඳිරිනීතිය ඉවත් කළද මගී ප්‍රවාහන බස්රථ ඉතා සීමිත ප්‍රමාණයක් අද(28) දිනයේදී ධාවනය වීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්ව සිටියහ.
පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලද විශාල අඩුවක් අද දිනයේදී දක්නට හැකිවිය.
අද පෙරවරු කාලයේ සිටම රැකි රක්ෂා සඳහා පිටත්ව යාමට මගී ජනතාව තංගල්ල සහ බෙලිඅත්ත නගරවලට පැමිණ තිබූ අතර ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් ඔවුහු අපහසුතාවට පත්ව සිටියහ.
බස් රථ නොමැති වීම හේතුවෙන් තංගල්ල නගරය වෙනත් දිනවලට සාපේක්ෂව පාළු ස්වභාවයක් ගෙන තිබිණ.
කොරෝනා ආසාදිත බවට හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් රොගීන් සිවු දෙනකු හඳුනාගැනීමත් සමඟ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සේවයට වාර්තා කිරීමට බිය වීම හේතුවෙන් මෙලෙස මගී ප්‍රවාහන බස් රථ ධාවනය කිරීමේ අඩුවක් සිදුව ඇතැයි අප කළ විමසීමේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවේ අධිකාරීවරයා කීය.
කෙසේ වුවද තංගල්ල බස් නැවතුම්පොළට බස් රථ පැමිණි විගස එයට ගොඩවීම සඳහා මගීන් ඒකරාශී වී සිටි ආකාරය දක්නට හැකිවිය.




