ඇඳිරි නීතිය ජල සැපයුමටත් ගැටළුවක්


(යොහාන් භාසුර)

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ජල බිල්පත් ගෙවීම සියයට 60 කින් අඩු වීමෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත් මෙම තත්ත්වය මත ඉදිරියේදී සේවා පවත්වාගෙන යාමේ ගැටලුවක් ද ඇති විය හැකි බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.

ජනතාවට පහසු ඕනෑම ක්‍රමයකට බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව කී එම නිලධාරියා වසංගත තත්වය හමුවේ ජනතාවට බිල්පත් ගෙවන ලෙස බලපෑම් කිරීමට බලාපොරොත්තු නොවන බවද සඳහන් කළේය.

ජල පාරිභෝගිකයන්ගෙන් ඉතාමත් සුලු පිරිසක් මාර්ගගත ක්‍රමයට බිල්පත් ගෙවන බවත් සෙසු පිරිස බිල්පත් ගෙවීම ප්‍රමාදකර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.