ඇත් දළ සමඟ විශ්‍රාමික සෙබළා මාට්ටු


(දයාරත්න ඇඹෝගම)

මොරගොඩ,හල්මිල්ලෑව ප්‍රදේශයේ හේනක සගවා තිබු ඇත් දළ දෙකක් සමඟ විශ්‍රාමික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත්බව මොරගොඩ  පොලිසිය කියයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාමල්පුර, හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විශ්‍රාමික  හමුදා සෙබළෙකි.

හල්මිල්ලෑව ප්‍රදේශයේ  සැකකරු විසින් පවත්වාගෙන යනු ලබන හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති අතර එම ඇත් දළ යුගළය අඩියක් පමණ දිගකින් යුක්ත වන බවත් පොලිසිය පැවසිය.