(ජයන්ත සමරකෝන්)
ආහාර බඳුනක සඟවා දුම්බර බන්ධනාගාරයට රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා මත්කුඩු තොගයක් රැගෙනයාමට තැත් කළ පුද්ගලයකු බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් අද(15) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර මහයියාවේ පදිංචි 28 හැවිරිදි තරුණයෙති.
විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් යෝගට් භාජනයක කෘත්‍රිම පතුලක් සාදා ඒ තුළ මත්කුඩු ග්‍රෑම් 8ක් සහිත පැකට් 8ක් අසුරා තිබූ බවද එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
තෛපොංගල් දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට ලබා දී තිබූ විශේෂ අවසරය මුවාවෙන් මෙම සැකකරු බන්ධනාගාර ගතව සිටින මිතුරකු වූ රැඳවියකුට ලබාදීම සඳහා මත්කුඩු ගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
බන්ධනාගාර කාන්තා නිලධාරිනියක මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බලගොල්ල පොලිසියට බාරදී තිබේ.

