ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය


(ඩයනා උදයංගනී)

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.

සැපයුම මිල ගණන් සහ අලෙවිකරණය පිළිබඳ කෙටිකාලීන ගැටලු මෙන්ම සැපයුම්දාම මෙහෙයුම්දාම මෙහෙයුම් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්, වෙළෙඳුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම එම කමිටුවට පැවරේ.