
(යොහාන් භාසුර)
චීනයේදී පසුගියදා පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්ක දිනාගත් තරුෂි කරුණාරත්න රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් ඇතුළු එම ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 3 කට ආසන්න ත්‍යාග ප්‍රදානය කළේය.
එම ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනාගත් නදීකා ලේකම්ගේට රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක් සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් ද ත්‍යාග පිරිනැමීය.
තරුෂිගේ සහ නදීකාගේ පුහුණුකරුවන්ට ද මෙහිදී විශේෂ මුදල් ත්‍යාග හිමිවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ අදහසක් අනුව එහි විධායක කමිටුවේ අනුමැතියෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) ආදායමෙන් මෙම ත්‍යාග පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.


