ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්


(අංජුල මහික වීරරත්න)

ආසියානු සංවර්ධන බැංකුව මඟින් ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-06-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උප වැඩසටහන 1ට අදාළ ණය සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත. එකී ණය මුදල ලබා ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිෂ්කාශනයන් ලැබී තිබේ.

 ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නියමයන් හා කොන්දේසිවලට යටත්ව, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.