ආසාදිතයන් ගණන 619 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 619 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 31 කි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 478 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.