ආවේගශිලී වු සැරයන්ට වැඩ වරදී


(ඉන්දිකා  රාමනායක)

යොදවා ඇති උප සේවයට විරෝධය දක්වමින්  දෙයියන්දර   පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින් සිටි පොලිස් සැරයන්වරයකු වැඩ තහනම් කළ බව දෙයියන්දර පොලිසිය පවසයි.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ(20) සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති සිදු කර ඇති බව පොලිසිය පවසයි.

ඉකුත් වු  (20) දින මෙම සිදුවීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මෙම වැඩ තහනම සිදුකර ඇත