ආර්ථික සභාවට බැසිල් පත් කෙරේ


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු පස්දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

මෙම උපදේශක කාරක සභාවට පත් කරනු ලැබ ඇති සෙසු මන්ත්‍රීවරුන් වන්නේ අජිත් නිවාඩ් කබ්රාල්, සුසිල් ප්‍රේම ජයන්ත, නිරෝෂන් ප්‍රේමරත්න සහ ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරු වෙති.

මෙම සාමාජිකයන් පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2021 අගෝස්තු මස 6 වැනිදා සම්මත කර ඇති යෝජනාව ප්‍රකාරවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම සාමාජික නාමාවලිය පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය.