(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දුන් ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය ගැන පාර්ලිමේන්තුවේ මතය කුමක්දැයි සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අයවැය කතාවට නොකී බදු පනවා තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සියලුම සෞඛ්‍ය උපකරණ වලටත් 18% ක වැට් බද්දක් පනවා ඇතැයි කීය.
අය-වැය දෙවැනි දින විවාදය අරඹමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීය.
මේ අය වැය ඉදිරිපත් කරලා තියෙන්නේ නීති විරෝධී ලෙසයි.
ඔක්කොටම කලින් තුන්වේල කන්නේ, බෙහෙත් ගන්නෙ, ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයි.
මෙරට සියයට 13 ට තිබු දරිද්‍රතාවය සියයට 25% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.
අප රටේ ජනගහනයෙන් සියයට පනස් හයකට වඩා දුප්පත් බව සංගණන වාර්තා තහවුරු කර තිබෙනවා.

