ආරවුල විසඳන්න ගිය පොලිස් රියත් උස්සලා


(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු සහ රුක්මන් රත්නායක)

තිස්සමහරාම පන්නගමුව ප්‍රදේශයේ ආරවුලක් විසැඳිමට පොලිස් නිලධාරින් ගිය ජීප් රථය කිසියම් පුද්ගලයකු පැහැරගෙන ගොස් පාළු ප්‍රදේශයක දමා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුලක් පලිබඳව 119 අංකයට ලැබුණු තොරතුරක් පොලිස් නිලධාරීන් හතර දෙනකු එම ස්ථානයට පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ පිළිබඳව තිස්සමහරාම පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඊයේ  6.45 හතළිස්පහට පමණ පන්නගමුව ජෑම් ගහ ප්‍රදේශයේ ආරවුලක් පිළිබඳව 119 දුරකථන ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනය සඳහා මෙම ජීප් රථය පිටත්ව යැවූ බව පොලිසිය කියයි.

පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ජීප් රථයෙන් පිටත්ව ගොස් ඇත.