ආරවුල මරණයෙන් කෙළවර වෙයි


(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - පල්ලෙපොල තලකිරියාව ග්‍රාම සේවා වසමේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි මහවෙල පොලිසිය කියයි.

අදාල  පුද්ගලයා මාදිපොල  ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, මාදිපොල පදිංචිව සිටි පහළ ගෙදර ධම්මික ප්‍රදීප් බණ්ඩාර (30) නැමැති අයෙකි.

දෙපිරිස අතර ගැටුම හේතුවෙන් මරණය සිදුව ඇති බව සිදුකල මුලික පරික්ෂණ වල දි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.