(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව පොදු වෙළඳ පොල සහ කරුක්කුපනය මාලූ වෙළඳපොල අසලදී සිදුකළ පී. සී. ආර් පරීක්ෂණවලින් කොවිඞ් 19 වයිරසය ආසාධියන් 35ක් වාර්තා වූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මෙසේ කොයිඞ් 19 වයිරසය අසාධනය වී ඇත්තේ දැනට කොයිඞ් 19 වෛරසය අසාධිතව ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින රෝ්ගින්ගේ ආශි‍්‍රතයනට බව ද සේඛ්‍ය අංශ කියයි
මෙම සියලූ ආසාධිතයින්ගේ වාර්තාවීමත් සමග වේගවත් පැතීරීමක් ඇති කරුක්කුපනය ග‍්‍රාම සේවා කොට්ඨාසය තාවකාලික වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
එම ආසාධිතයින් ප‍්‍රතිකාර සඳහා ප‍්‍රතිකාරක මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී. ජයසිංහ මහත්මිය පවසයි.
ඇය පවසන්නේ බොහෝ ව්‍යපාරික ස්ථානවල ක‍්‍රියාවන් නිසා හා පුද්ගලින් නියමිත සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කිරීමෙන් මෙම සීඝ‍්‍ර ව්‍යාප්තිය සිදුවන බවයි. මේ අනුව බොහෝ අවසර නොලත් ව්‍යාපාරික ස්ථාන රහසිගතව භාණ්ඩ නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය තවමත් සිදුයන අතර මේ තත්වය නැවතිය යුතුබව ඇය පවසයි.

