ආයුර්වේදයට මුවා වී කසිප්පු විකිණූ ත්‍රිරොද රියැදුරා මාට්ටු


(ඉන්දිකා රාමනායක)

වේදනා නාශක ආයුර්වේද දියර බෝතල් වශයෙන් හඳුන්වා දෙමින් සංචරණ සීමා සමයේ නීති විරෝධී මත්පැන් විකුණූ ත්‍රිරෝදරථ රියදුරෙකු වත්තල දී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි.

දුරකතනයෙන් ඇනවුම් ලබාගෙන මෙම සැකකරු මිලිමීටර් 750 රුපියල් 900 ක මුදලකට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.

මොහු ත්‍රිරෝද රථයෙන් මෙම මත්පැන් අලෙවි සිදු කර ඇති අතර එම රථයේ තිබී මත්පැන් බෝතල් 33 ක්පොලිසිය භාරයට ගෙන තිබිණි.

මෙම බෝතල් වේදනා නාශක දියර වශයෙන් මුද්‍රා තබා ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් සකස් කර තිබූ බවත් බැලූ බැල්මට කිසිවෙකුටත් එය නීති විරෝධී මත්පැන් බෝතල් බවට හඳුනාගත නොහැකි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල පදිංචි (57) පුද්ගලයෙකි.