(රංජන් කස්තුරි)
වසර තුනක පමණ කාලයක සිට ආයුර්වේද වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවාගෙන නැතැයි උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරති.
උපාධිධාරීන් 50,000කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ තමන්ටද රැකියා ලබාදෙන්නැයි රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන් සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් වසරකට උපාධිධාරීන් 200ක් පමණ පිටවන අතර මේ වනවිට රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීහු 674දෙනෙක් සිටිති.
ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීහු වෛද්‍ය විද්‍යායතනයකින් පිටවෙනුයේ වසර පහක පූර්ණකාලීන වෛද්‍ය අධ්‍යාපනයකින්ද වසරක සීමාවාසික පුහුණුවකින්ද පසුවය.

