ආපනශාලා ආහාර මිල ඉහළ දමයි


(යොහාන් භාසුර)

ආපනශාලා ආහාර මිල අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරි තේ එකක මිල රුපියල් 10 කින්, ෆ්‍රයිඩ් රයිස් සස කොත්තුවක මිල රුපියල් 30 කින් සහ ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ද එම සංගමය කියයි.

ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම මෙසේ ආහාර මිල ඉහළ දැමීමට හේතුව බව ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.