
(සුජිත් හේවාජුලිගේ)
හදිසි ආපදාවට අදාළ කාලගුණ තත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ආපදාවට පෙර කරන ලද සාකච්ඡාවල සියලු තොරතුරු ඉල්ලා සිටීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
මෙම ආයතනවලට හෙට (10 )ගොස් තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලිඛිතවම ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය නොවැම්බර් 11 වැනිදා සිට නොවැම්බර් 26 වැනිදා අතර කාලයේදී මෙම ආයතන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවල තොරතුරුවලට අමතරව වගකිවයුතු නිලධාරීන් සූම් මඟින් කරන ලද රැස්වීම්වල තොරතුරු වාර්තා සහ වීඩියෝ ඉල්ලා සිටීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීය.
රටේ දැවැන්ත ආපදාවක් සිදුවී ඇති මේ අවස්ථාවේ දී මෙම ආයතන ක්‍රියා කළ ආකාරය සහ ඊට ආණ්ඩුවේ වගකිවයුත්තන් දැක්වූ ප්‍රතිචාරය රටටම මේ අවස්ථාවේ දී දැනගැනීම වැදගත් නිසා මෙලෙස තොරතුරු ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

