ආපදාවෙන් ගෙවල් 5000ක් සුනේ සුන්


(සුජිත් හේවාජුලිගේ)

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්වේ

මේඅනුව නිවාස 5,325ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,815කි.

දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම හානි වූ නිවාස ගණන 767කි.

තවද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 476ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 415ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 404ක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 300ක්ද ආපදාවෙන් සම්පූර්ණ විනාශ වි ඇත

මේ අතර ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස අතුරින් ද වැඩිම නිවාස ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 13,422කි.

අර්ධ වශයෙන් හානි වූ නිවාස අතරට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,601ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,830ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිවාස 4,809ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නිවාස 4,135ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නිවාස 3,742ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 3,600ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නිවාස 3,526ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 2,249ක් ලෙසද වාර්තා වී ඇත.