
(අංජුල මහික වීරරත්න)
ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රජය මෙම තීරණය ගෙන ඇත.

