ආපදා වූ හැම තැනටම සහන කණ්ඩායම් ළඟා වෙලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ අපදාවට පත් වූ හැම තැනකටම මේ වන විට රජයේ සහන කණ්ඩායම් ළඟා වී තිබෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල්(විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

"ආපදා කළමනාකරණ පනත අනුව රජය විසින් අවශ්‍ය සියලු දේ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.ඉතා කල්පනාවෙන් අවබෝධයක් ඇතිව ජනපති අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ සභාව අප ජුලි මාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳෙව්වා.විපක්ෂ නියෝජිතයන් ද එයට සහභාගී වුණා.එය කැඳවුනු ලැබුවේ අවුරුදු හතකට පසුවයි.2018 වසරේ එය කැඳවූවාට පසු නැවත කැඳවා තිබුණේ නැහැ.දැන් කතා කරන උදවියගේ තත්ත්වය ඒකෙන්ම අවබෝධ කරගන්න පුළුවන්.ජනාධිපතිවරයාට වෙන් වූ හෙලිකොප්ටර් පවා ආපදා සහන වෙනුවෙන් යොදවා තිබෙනවා.අපදාවට පත් වූ හැම තැනකටම මේ වන විට රජයේ සහන කණ්ඩායම් ළඟා වී තිබෙනවා.මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු පීඩන ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය්