
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් ඊයේ(08) දිනය වන විට මරණ 635ක් සිදුවී 192 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්වය දිස්ත්‍රික්ක 25 කට අයත් පවුල් පන්ලක්ෂ දොළොස්දහස් එකසීය විසිතුනකට අයත් පුද්ගළයින් දාහත්ලක්ෂහැටහයදහස් එකසීයතුනක් පීඩාවට පත්ව ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ආපදා තත්වය හේතුවෙන් වැඩිම මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 234 ක් මියගොස් තවත් 81 ක් අතුරුදන් වී සිටිති.
මෙයට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 89 ක් මියගොස් 37 ක් අතුරුදන්ව ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 90 ක් මියගොස් 11 ක් අතුරුදන් වී තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 61ක් මියගොස් 11 ක් අතුරුදන්ව ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 37ක් මියගොස් පුද්ගලයින් 2 ක් අතුරුදන් වී තිබේ.
එමෙන්ම ආපදා තත්වයෙන් මාතලේ පුද්ගලයින් 28ක්, කෑගල්ලේ පුද්ගලයින් 32 ක්, ගම්පහ පුද්ගලයින් 16 ක් සහ කොලඹින් පුද්ගලයින් 9 ක් මියගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් නිවාස 5325 ක් සම්පූරණයෙන්ම විනාශ වී තවත් නිවාස 81163 ක් අර්ධ හානි සිදුව තිබේ.
පවතින ආපදා තත්වයෙන් පවුල් 22218 කට අයත් පුද්ගළයින් 69861 ආරක්ෂිත ස්ථාන 690ක රඳවා ඇතැයිද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මෙයට අමතරව ඥාති නිවාසවල තවත් පුවුල් සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් රැඳී සිටිති.
දිට්වා සුළිකුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව, පස්කදු කඩා වැටීම්, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.

