ආනයනික මසුන් සඳහා අය කෙරෙන බදු ඉහළට


(රංජන් කස්තුරි)

ආනයනික මසුන් සඳහා අයකෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ආනයනික මසුන් සඳහා කිලෝග්‍රෑමයකට සියයට 10 ක් හෝ රුපියල්  25 ක බද්දක් අයකළ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට එය කිලෝවට සියයට 10 ක් හෝ රුපියල් 150 ක් ලෙස ඉහළ නංවා තිබේ.