(යොහාන් භාසුර)
ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්‍ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම මණ්ඩලය පත්කළ අතර එම මණ්ඩලයට මෙරට ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පීන්, ජනමාධ්‍යවේදීන් සහ ගීත රචකයන් ඇතුළු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ඇතුළත්ව සිටිති.