ආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ ආනයන පාලනය කිරීමේ පියවරක් ලෙස මුදල් අමාත්‍යංශයේ නිර්දේශ මත එම ගැසට් නිවේදනය නිකුත් කරන බව ද මහ බැංකුව වැඩි දුරත් කියයි.