
(යොහාන් භාසුර)
සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මුළු ලෝකයේම නිෂ්පාදන සහ සැපයුම් ක්‍රියාවලි ජාලය සම්පූර්ණයෙන්ම අඩාලව ඇති බවත් කන්ටේනර් ගාස්තු සියයට 300 කින් වැඩි වීමෙන් මුළු ලෝකයේම ආහාර නිෂ්පාදනයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ වර්තමාන තත්වය සමස්ත ලෝකයටම පොදු බවත් රජය හැටියට මැදිහත්ව ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් කරවල ආදි භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර ඇති බවත්ය.

