(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පූනෑව නාවික හමුදා කඳවුරේ ශාරීරික අභ්‍යාස වල නිරත ව සිටි ආධුනික සෙබළකු හදිසියේ රෝගාතුර වී බිම ඇද වැටී වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පූනෑව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිව සිටි නිමන්ත ඩිල්ෂාන් ජයරත්න නැමැති තරුණයෙකි .
පසුගිය මාසේ නාවික හමුදාවට බැඳී ඇති මොහුපෙරේදා සවස ශාරීරික අභ්‍යාස වල නිරතව සිටියදී හදිසියේ රෝගාතුර ව බිම ඇද වැටීමෙන් පසු මුලින්ම පූනෑව නාවික හමුදා කඳවුරේරෝහලට ඇතුළත් කර පසුව වව්නියාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

