ආදිවාසි නායකයා දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරයි


(රංජිත් කරුණාවිර)

ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ   දඹාන ආදිවාසී ගම්මානයේ පිහිටි දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදී අද (16) සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ආදිවාසී නායකයා මෙසේ පැවසීය.

“මේ රට භාර ගන්න ඉන්න නායකයෙක් වෙනුවෙන් ඡන්දයක් පැවැත්වෙන අද දවස රටේ තීරණාත්මක දවසක් කියලා මම විශ්වාස කරනවා. පත් වෙන නායකයා කවුරුන් උනත් රට ජාතිය ආගම වෙනුවෙන් කැප වෙන රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වෙන කෙනෙක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා.

මට දැන් වයස 72ක්. මම ජනාධිපතිවරු කිහිපදෙනෙක් තෝරන ඡන්ද වලට ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ හැම එකකටම වඩා මෙවර අපේක්ෂකයෝ වැඩිම ප්‍රමාණයක් ඉන්න විශාල තරඟයක් තියෙන ජනාධිපතිවරණයක් මේක කියලා මට පේනවා. ඡන්ද පත්‍රිකාව උනත් මම ඡන්දය ප්‍රකාශ කරපු ඒවාගේ තිබුණ ඒවාට වඩා දිගින් වැඩිම එක මේ පාර අපට ලැබුනේ ඡන්දය ප්‍රකාශ කරන්න.   

මේ වගේ විශාල තරඟවයක් තියෙන අවස්ථාවකදී සෑම කෙනාටම ජයග්‍රහනය කරන්න අමාරුයි. ඒ බව තේරුම් ගෙන ජය පැරදුම ගැටුම් වලින් තොරව දිනපු අයත් පැරදුන අයත් දිනුවා කියලා හිතාගෙන රටේ සාමය ආරක්ෂා කරමින් ජයග්‍රහණය බුක්ති විදින්න කිලා මම රටේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලනවා“ ඔහු යැයි ප්‍රකාශ කර සිටියේය.