
(අංජුල මහික වීරරත්න)
හදිසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රුපියල් මිලියන 250ක ආධාරයක් දුන්නේය.
එම ආධාර මුදල හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිනී ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවියට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලබා දුන්නාය.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවෝද මේ අවස්ථාවට සහභාගී වූහ.

