(අංජුල මහික වීරරත්න)
රජයේ රැකියා වලට බඳවා ගැනීමේ දී කොරෝනා වලින් මව පියා මිය ගිය පවුල්වල දරුවන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වෙනස් කර හෝ විශේෂත්වයක් දැක්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පවුල් නඩත්තු කරන පුද්ගලයන් හිටිහැටියේ මියගිය පසු නිර්මාණය වන තත්ත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවන බව කී එජාප සභාපතිවරයා මේ වන විටත් ලංකාවේ දස දහසක් ඉක්ම වූ පිරිසක් කොරෝනා වසංගතයේ ගොදුරු වී ඇති හෙයින් ඔවුන්ගේ පවුල්වලට යන කලදසාව ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතුව ඇතැයි ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ක්‍රියාකාරීන් සමඟ සූම් තාක්ෂණයෙන් පැවැති සාකච්ඡාවක දී අබෙිවර්ධන මහතා මෙි බව කීය.

