(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රෝහණ බණ්ඩාර මහතා මේ බව කීය.
"විවිධ ව්‍යාපාරිකයන් තොග සඟවා තැබීම නිසා පාරිභෝගිකයන් අසරණ වෙලා.මේ ආණ්ඩුව මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නය වන්නේ සහල් අර්බුදයයි.සහල් වෙළෙඳපොලේ සුලබ කිරීම ආණ්ඩුව සතු වගකීමක්.වැසි තත්ත්වය නිසා මෙවර අස්වනු පහළ බසින බව අප පැහැදිලිව කිව්වා. නමුත් ආණ්ඩුව එය පිළිගත්තේ නැහැ.වීමෝල් හිමියන් ඒ කාරණයෙන් වාසි ගත්තා. අද ආණ්ඩුව පඹ ගාලක පැටලිලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.