
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජේ.වී.පී උදවිය ඉතිහාසයේ සිට කළේ ට්‍රාන්පෝමර් පුපුරවා රට අන්ධකාරයට ඇද දැමීම බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලිබල සංශෝධන පනත පිළිබඳ විවාදය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
"මේ ජේ.වී.පී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රෝහණ විජේවීරගේ නොවේ. ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවලට අනුව. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව පෙබරවාරි මාසයේ ජනතා විමුක්ති පෙරමුණු කැබිනට් මණ්ඩලයෙන් රුපියල් කෝටි 18200ක් විදුලිබල මණ්ඩලයේ ණයක් විදුලි පාරිභෝගිකයන්ට පටවනු ලැබුවා.
අද හැම පාරිභෝගිකයෙක්ම ගෙවන බිලෙන් කොටසක් මේ ණය ගෙවන්න යනවා.බලයට එන්න පෙර කිව්වේ මේ ණය ජනතාවට දාන්නේ නැහැ කියලා.මේ සංශෝධන නිසා නිලධාරීවාදය ඒකාධිපති භාවය තවදුරටත් තහවුරු වෙන බව කිව යුතුයි.ඒ වගේම මෙය පුනර්ජනනීය බල ශක්තිය අඩපණ කිරීමට මේ සංශෝධන බලපානවා.
අපගේ මව් පක්ෂය ඉතිහාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් ජනතාවට විදුලි බලය ලබාදී යහපාලන ආණ්ඩු සමය වන විට සියයට සියයක් රටට විදුලිය සපයන්න හැකියාව ලැබුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

