(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු වෙනසක් සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව වෙනස් කරන්නට මහපාර විකල්පයක් නොවන බව ස ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති අධිකාරියට පත් කැඩෙට් නිලධාරින් විසිර යාමේ පෙළපාලියට එක්වෙමිනි.

