ආණ්ඩු පක්ෂයේ තීරණය 20 වැනිදා


(අංජුල මහීක වීරරත්න සහ ඩයනා උදයංගනී)
       

ඉදිරියටත් ආණ්ඩු පක්‍ෂය ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බදාදා (20) දිනයේ යළි රැස්වීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද (18) තීරණය කර තිබේ.
       
ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුද මහමැතිවරණයකට යා යුතු ද ආදී කරුණු සම්බන්ධ තීරණයක් ගැනීමට එම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද රැස්වී සාකච්ඡා කළ අතර එහිදී අවසන් තීරණයකට එළඹීමට ඔවුන්ට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
       
මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් එහිදී ආණ්ඩුව ලෙස ඉදිරියට යා යුතු බවට අගමැතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද එම පෙරමුණු ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කර බදාදා දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.