අ’පුරේ පවුල් 284 ක් අවතැන්


(උපුල් තම්මිට)

පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය මත අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 284 ක් අවතැන්වී සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සහන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පවසයි.

රඹාවැව,  ගලෙන්බිදුනුවැව සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මෙම පවුල් සදහා සහන සලසා ඇති බව පෙන්වා දෙන ඒ මහතා මල්වතුඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර පූජාභූමියේ පදිංචිකරුවන් පිරිසකට ගංවතුර තර්ජන එල්ල වී ඇතැයි ඒ මහතා පැවසීය.

නාච්චාදූව ජලාශයට ඉහළින් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ රැසක් මේවනවිට වාන් දැමීම හේතුවෙන් එම වාන් ජලය නාච්චාදූව ජලාශයට එක්වීමෙන් ජලාශයේ ජල මට්ටම පාලනය කිරීමට නාච්චාදූව ජලාශය ද වාන් දමමින් පවතින අතර එම වාන් ජලය මල්වතු ඔයට එක්වීමෙන් ගංවතුර තත්වයත්  ඇතිවී තිබේ.