(ලේකම්ගේ අනුර)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රොහල් කීපයක්ම කඩිනමින් මධ්‍යම ආණ්ඩුව යටතට පවරාගන්නැයි තමන් මේ වන විට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඉකුත් 12 දා තඹුත්තේගම මූලික රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි.
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ බොහොමයක් රෝහල්වලට අත්‍යවශ්‍ය පහසුකම්වත් මේ වන විට ලැබී නැති බවත් එම රොහල් වල වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙද හෙදියන්ගේ ඉල්ලීම නිසා මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීවේයග
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තියෙන බොහොමයක් රොහල් වලට ගියාම එම රෝහල් වල වෛද්‍යවරු ඇතුලූ සියලූ කාර්යය මංඩල සහ ජනතාව රජයට චෝදනා කරනවා ග
මෙම රෝහල් උතුරුමැද පළාත් සභාව යටතේ පැවතීම නිසා එම රෝහල් වලට ලැබෙන්නනේ බොහොම අඩුපහසුකම් බව ඔවුන් කියනවා ගඑම අඩුපහසුකම් නිසාම රෝහල් වලට පැමිණෙන රෝ`ගීන්ට යම් අසාදාරණයක් සිදුවෙනව කියලා ඔවුන් නිතර චෝදනා කරනවාග මේ රෝහල් වලට යන අපිටත් හො`දට පෙනවා එම රෝහල් වල ගොඩනැ`ගිලි , වෛද්‍ය උපකරණ වල ,රොහල් කාර්යය මංඩල වල පවතින හිගතාවය වැනි කාරණා. විශේෂයෙන් මේ පළාත්සභා යටතේ තියෙන රෝහල් විතරයි මේ ගැටලූවට ත`දින් මුහුනදීලා තියෙන්නේ. ඒ නිසාම මම මේ වන විට රජයෙන් විශේෂ ඉල්ලීමක් කරල තියෙන්වා තඹුත්තේගම, කැකිරාව, කහටගස් දි`ගිලිය, මැදවච්චිය, කැඹිතිගොල්ලෑව සහ පදවිය යන රෝහල් කඩිනමින් මධ්‍යම ආණඩුවට පවරාගෙන එම රෝහල්වල අඩපාඩු කඩිනමින් සකස් කලයුතු බවට වන ඉල්ලීමක්.

