(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ මේ මස 27 හා 28 දක්වා කල්ගොස් ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
මෙම සම්මුඛ පරීක්ෂණ අද (21) හා හෙට (22) පැවැත්වීමට නියමිතව තිබුණද ඇතැම් අයදුම්කරුවන්ට කැඳවීම් ලිපි නොලැබීම නිසා එම දිනයන් කල් දැමූ බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.
මෙම තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති අතර ඉන් 79ක් තෝරාගෙන තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

